Monday, August 19, 2013

අනාර්කලී වර්ණනාව - පසුපිටේ පදවැල


නිසි පුළුලුකුලුය බී.එම්.ඩබ්රිව් රිය සක යුරුවූ
කිරි පැහැ හමට ඔමරිය අගනේ ඇය වූ
අගනා කෙලි අඟන ඇය දුටුවිට කොහෙවූ
දපනේ වැටුණි දෝ දකුණේ අගනගරේ

බොහො කෙටි සාය කලකට ගැලවුණි ඈගේ
සාරිය හිනා මුව තව වැඩිවුණි ඈගේ
රී මික්ස් සිංහලට කටවල් ඇරුණිය බොහෝගේ
අනාර්කලී වස්තුව විය ගාලු පුරේ

කවුන්සිලේ නම රැන්ඳුනි ඉහලින්ම
ලොක්කගේ හිතට ඇයනම් තව ලංවීම
මුතුහෙට්ටිගේ කටනම් මසුරං ලෙසම
ඒ කිව් ටික මිසක් ගාල්ල නම් ගොළුම විය

ආයෙත් ඡන්දේ ලඟ ලඟ එය දකුණු ලක
සාරිය නැතේ දැන් ඇගෙ කොට සාය දැක
ආයෙත් ඡන්දේ දෙයි මටනම් නැත කතා දෙක
වැරදුනේ ගාල්ලට දෝ නැතිනම් අපට

- ආචාර්ය සාපිං ශ්‍රීමතාණන් -

4 comments:

  1. ජීනා ගොනා ගාවට දක්කන්න ඕන එවුන් පලාත් සභා දක්කපු ජනතාව පවු බං.ඔන්න ඊයේ පෙරේදා දැක්කා පොඩි ලමයි වගේ ඇඳගෙන නාඩගමක් නටනවා.දුකයි බං.

    ReplyDelete
  2. නොදන්නා දේශපාලනය නොකර නමේ අර්ථය අනුවම දෙළුම් මලක් මෙන් බැබලෙමින් ඉන්න තිබුන කෙල්ලනේ.සාරුවා සුනිල්,තංගල්ලේ මිනීමරු ප්‍රාදේශීය සභාවේ සභාපති,අතකොටා වගේ පාපතරයෝ ගැන හිතුවම මේ කෙල්ල කොතරම් හොඳද.

    ReplyDelete
  3. ගල්ලෙන් තොරපු මුතුහෙට්ටිගම සජින් වාස් වගෙ අයත් එක්ක බලද්දි මෙයගෙ අවුලක් නෑ.අඩුම ගානෙ මුකුත් කරන්නෙ නෑ නෙ

    ReplyDelete
  4. අනේ....... මේකි පතෝල වගේ ... ගුණාත් නෑ .... අගුනත් නෑ ....

    ReplyDelete