වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දයාසිරි පට්ට බුලට් එකකි. එය නිකම් කටකහනවට කියන කතාවක් නොවේ. ජන්මයෙන්,බලයෙන්,ධනයෙන් හෝ බලෙන් දේශපාලනයට නොපැමිණ කෙටි කාලයක් තුල දයාසිරි ලංකාවේ කවලං දේශපාලනයේ හිණිමග බොහොම වේගයෙන් නැග ඉහලට ආ චරිතයකි. ඒත් දයාසිරි කාගත්තේය. නමුත් බොහෝ දෙනෙක් සිතන පරිදි දයාසිරි ගත්තේ කාලෝචිත සහ ප්‍රඥාසම්පන්න තීරණයක් බවය. නමුත් මගේ පුද්ගලික මතයනම් දයාසිරි සිය දේශපාලන ගමන විනාසකර ගත්තේය. දයාසිරි මීට වඩා වෙනස් මෙන්ම දිගු ගමනක් යන්නට සිටි අයෙකි. නමුත් දයාසිරිගේ බල අවශ්‍යතාව ස්වකීය ඉවසීම සහ විඥ්ඥාණය ඉක්මවා ගියහ.
දයාසිරි ආණ්ඩුවට ගොස් මහින්දගේ දෑත් ශක්තිමත් කිරීම තුලින් දයාසිරිට ආණ්ඩු පක්ෂයේ යන ලේබලය ගසාගත හැක. එය දයාසිරිට මෙන්ම ඔහුගේ සහචරයන්ටද වටිනා ලේබලයකි. දයාසිරි තනතුරකට පැමිණිවිට දයාසිරිගේ පරම්පරාවට මෙන්ම සහචරයන්ටද බොහෝ දේ ලැබිය හැකි බැවින් දයාසිරිගේ මේ තීරණයට ඔවුන් අත්දෙකම ඔසවා කැමතිවනු නොඅනුමානය. නමුත් සමස්තය දෙස බලා සහ ලංකාවේ දේශපාලනය දෙස තුලනාත්මකව බලන ඕනෑම අයෙක්ට වැටහෙන කාරණයනම් දයාසිරි ස්වකීය අවශ්‍යතා වෙනුවෙන් දේශපාලන අවශ්‍යතාව පාවා දුන් බවය.
“හැමදාම විපක්ෂයේ සිටිය හැකිද?“ හෝ “රනිල් සිටින තැන සිටිනු නොහැකිය“ යනු තර්කය ඇතමෙක් ගෙනවිත් ඒ හේතුවෙන් දයාසිරිගේ පිල්මාරුව සාධාරණීකරණය කල හැක. නමුත් කණගාටුවෙන් වුවත් කිව යුතු වන්නේ දයාසිරි සිය දේශපාලන ගමන පමණක් නොව මෙරට තුලනාත්මක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයක් අපේක්ෂා කරන ජනතාවගේ බලාපොරොත්තුද දයාසිරි තුට්ටුවකට මායිම් නොකල බවයි. මෙරට රජය පාළුගෙයි වලං බිඳින රජයක් බවට පත්ව ඇත. එයට වගකිව යුත්තේ රනිල්, දයාසිරි, සජිත් හෝ ජවිපෙ නොවේ, මෙරට සමස්ත ජනතාවමය. ඒ මන්ද රජයේ ඇතැම් ජනතාවිරෝධී මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාද නොතකා රජය තව තව ශක්තිමත් කිරීමට ඡන්දය දීම මෙන්ම රජයද පිල් මාරුව තුලින් බලය වැඩිකර ගැනීමය. එසේනම් බොහෝ පාර්ශව මහජන මතයට කොකා පෙන්නවා ඇත.